විද්‍යුත් චුම්බක තරංග හඳුනා ගැනීම
ශක්ති සම්ප්‍රේෂණය සඳහා අංශූවල දායකත්වයක් ලබා නොගන්නා තරංග විද්‍යුත් චුම්බක තරංග ලෙස හඳුන්වනු ලැබේ.
එකිනෙකට ලම්බකව පවතින විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර දෙකක බලපෑම හේතුකොටගෙන විද්‍යුත් චුම්බක තරංග බිහිවෙයි.

විද්‍යුත් චුම්බක ්ෂේත්‍ර වල බලපෑමෙන් තරංග බිහි වුවද තරංග වලට විද්‍යුත් හෝ චුම්බක ලක්ෂණ නොපවතී.
විද්‍යුත් චුම්බක තරංග අධික සංඛ්‍යාතයක්, ඉහල වේගයක්, කුඩා තරංග ආයාමයක් සහිතව ශක්තිය රැගෙන යයි.
විද්යුත් චුම්භක තරංග එක් එක් මාධ්‍ය තුළ ගමන් කරන වේගය එකිනෙකට වෙනස් වන අතර යම් මාධ්‍යයක තරංග වේගය සෙවීම සඳහා පහත සම්බන්ධතාවය ගත හැකිය

විද්‍යුත් චුම්බක තරංග වලට ඉහළම වේගයක් පවතින්නේ රික්තකයක් තුල දීය.
සියලු විද්‍යුත් චුම්බක තරංග රික්තකය තුළ දී එකම වේගයෙන් ගමන් කරන අතර, විවිධ මාධ්‍යයන් තුළ එකෙක් තරංග එකිනෙකට වෙනස් වේග සහිතව ගමන් කරයි.
සියලු විද්යුත් චුම්භක තරංග තිර්යක් ස්වරූපයෙන් ශක්තිය රැගෙන යන අතර අන්වායාම තරංග ආකාරයේ කිසිදු ිද්‍යුත් චුම්බක තරංග නොමැත.
විද්‍යුත් චුම්බක තරංග සියල්ල ංඛ්‍යාතය අඩුවන පිළිවෙළට සැකසූ විට එය විද්‍යුත් චුම්බක වර්ණාවලිය ලෙස හදුන්වයි.

සියලු විද්යුත් චුම්භක තරංග අතුරින් අපිට සංවේදී වන්නේ දෘශ්‍ය කලාපයේ පවතින තරංග පමණි. කනට සංවේදී කිසිදු විද්‍යුත් චුම්භක තරංගයක් නොමැත.
විද්‍යුත් චුම්බක තරංග ශක්තිය රැගෙන යාම ෝටෝන ක්‍රමවේදය ඔස්සේ සිදුකරන අතර එවැනි එක් ෆෝටෝනයක ශක්තිය e=hf ලෙස අර්ථ දැක්විය හැකිය.
විද්‍යුත් චුම්බක තරංග ශ්‍රේණියේ එක් සීමාවක පවතින සියලූ තරංග පොදුවේ එක් තරංගයක් ලෙස නම් කර ඇති අතර එය දෘශ්‍ය කලාපයේ පවතින සංඛ්‍යාත එකිනෙකට වෙනස් වර්ණ සමූහය නිරීක්ෂණයෙන් වටහාගත හැකිය.
ප්‍රගමන තරංග
කිසියම් මාධ්‍යයක් ඔස්සේ ශක්තිය සම්ප්‍රේෂණ කරන ඕනෑම තරංගයක් ප්‍රගමන තරංගක් ලෙස හදුන්වයි.
ප්‍රගමන තරංග ශක්තිය සම්ප්‍රේෂණයෙදී තරංග ආකෘතිය ඉදිරියට රැගෙන යන අතර මාධ්‍යයේ අංශු කම්පනය වෙමින් මෙම තරංග ආකෘතිය රැගෙන යාම සිදුවෙයි.
ප්‍රගමන තරංගයක යෙදෙන ඕනෑම අංශුවක් නිශ්චිත කලා සම්බන්ධතාවයක් සහිතව එනම් එක් පූර්ණ තරංගයක කම්පන කලාව 0° සිට 360° දක්වා වෙනස් වෙමින් විවිධ අවස්ථාවල දී උපරිම විස්තාරය ළඟා කර ගනිමින් ශක්ති සම්ප්‍රේෂණය සිදු කරයි.

ප්‍රගමන තරංගයක යෙදෙන තීර්යක් තරංගයක් ලෙස ජල තරංග හඳුන්වා දිය හැකි අතර එවැනි අන්වායාම තරංගයක් ලෙස ධ්වනි තරංග හඳුන්වා දිය හැක.
ප්‍රගමන තරංග ශක්තිය ඈතට යත්ම අඩුවන නිසා එවැනි තරංගවල විස්තාරය ක්‍රමයෙන් අඩුවී යයි.
ප්‍රගමන තරංග එක් පූර්ණ ආවර්ත කාලය තුළ තරංග ආයාමයට සමාන දුරක් ඉදිරියට සම්ප්‍රේෂණය වෙමින් ශක්තිය රැගෙන යාම සිදු වෙයි.
ඉහත දක්වා ඇති ආකාරයට ආවර්ත කාලය තත්පර සීයක් වන තරංගයක අවස්ථා කීපයක් තුළ තරංග ආකෘතිය පවතින ආකාරය දැක්වේ.
ප්‍රගමන තරංග ශක්තිය චාලක හා විභව ශක්තිය ලෙස ගබඩා වෙමින් එම ශක්තිය පරිවර්තනය වෙමින් තරංග ආකෘතිය ගමන් කරයි.
ස්ථාවර තරංග
මාධ්‍යයක් ඔස්සේ දිගින් දිගටම ශක්තිය සම්ප්‍රේෂණය නොකරන නිශ්චිත සීමාවක් තුළ පමණක් පවතින තරංග ස්ථාවර තරංග ලෙස හඳුන්වයි.
නිශ්චිත ස්ථානයක් පසුකර එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ ගමන් කරන සර්ව සම ප්‍රගමන තරංග දෙකක් එකිනෙකට අධිස්ථාපනය වීමෙන් ස්ථාවර තරංග බිහි වේ.

ප්‍රායෝගිකව ස්ථාවර තරංග සකසා ගන්නේ පතන තරංගයක් හා එහිම පරාවර්තිත තරංගය අධිස්ථාපනය වීමට සැලැස්වීමෙනි.
මෙසේ තරංග අධිස්ථාපන යෙදී සමහර ලක්ෂය නිර්මාණකාරිය නිරෝධනයට ලක්වන බවත් එම ලක්ෂය වල විස්තාරය උපරිම වීමත් සිදුවේ.
ස්ථාවර තරංගයක් බිහිවීමේදී සමහර ලක්ෂ්‍ය විනාශකාරී නිරෝධනයට ලක්වන අතර එවැනි ස්ථානවල වල විස්තරය අවම වෙයි.

විස්තාරය උපරිම ලක්ෂය ප්‍රශ්පන්ද ලෙස හඳුන්වන අතර විස්තාරය අවම ලක්ෂය නිෂ්පන්ද ලෙස හඳුන්වයි.
ස්ථාවර තරංගයක නිෂ්පන්ද පවතින ස්ථානවල සෑම විටම නිෂ්පන්ද පමණක්ම බිහිවන අතර ප්‍රස්පන්ධ පවතින ස්ථාන වල සැමවිටම ප්‍රශ්පන්ද පමණක් ම බිහිවේ.
ස්ථාවර තරංගයක ඕනෑම අනුයාත ප්‍රශ්පන්ද දෙකක් හෝ නිෂ්පන්ද දෙකක් අතර පරතරය තරංග ආයාමයෙන් අර්ධයකට සමාන වෙයි.

ස්ථාවර තරංගයක සියලු අංශු එකම සංඛ්‍යාතයකින් වෙනස් විස්තාර සහිතව කම්පනය වන අතර මෙවැනි තරංගයක වේගය, සංඛ්‍යාතය, ඒ නිර්මාණයට දායක වූ ප්‍රගමන තරංගයේ සංඛ්‍යාතයට හා වේගයට සමාන වෙයි.
ඕනෑම ස්ථාවර තරංගයක අනුයාත නිශ්පන්ද දෙකකින් මායිම් වන ප්‍රදේශය තරංග ආයාමයකින් අර්ධයකට සමාන වෙයි.

ස්ථාවර තරංගයක් නිර්මාණයේදී එක් පුඩුවක් හෝ පුඩු කිහිපයක් නිර්මාණයෙන් එය බිහි විය හැකි අතර එවැනි අවස්ථාවක ඇතිවන සියලු පුඩු සමාන ලක්ෂණ වලින් යුක්ත වෙයි. (V,f,A,£)
පුඩුවක පවතින සියලු අංශු එකම දිශාවකට කම්පනය වන නිසා ඒව සියල්ල එකම කලාවේ පවතින්නේ යැයි කිව හැකිය.
ස්ථාවර තරංගයක අනුයාත පුඩු දෙකක ඇති සියලු අංශු එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ කම්පනය වන නිසා ඒවා ප්‍රතිවිරුද්ධ කලාවේ පවතින බව කිව හැකිය.
මෙවැනි පුඩුවක් බිහිවීමේදී ප්‍රශ්පන්ද ස්ථානයක පවතින අංශු අවම පීඩනයකට ලක්වන අතර නිෂ්පන්ද අංශු උපරිම පීඩනයකට ලක් වෙයි.
ඒ අනුව විස්ථාපන නිෂ්පන්ද බිහිවන ස්ථානවල පීඩන ප්‍රස්පන්ද පවතින බව කිව හැකිය. බුසිනෙස්සෙස් බුසිනෙස්සෙස්
